අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 709කට අයත් පුද්ගලයන් 2,356 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මීට අමතරව අවතැන්වූ පවුල් 41කට අයත් පුද්ගලයන් 183 දෙනෙකු ආරක්ෂිත කඳවුරු 03ක රඳවා සිටින බවද එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිල් මහතා සඳහන් කළේය.
නිවාස 60කට අධික ප්‍රමාණයක් විනාශයට පත්ව තිබෙන අතර වැඩිම පිරිසක් පීඩාවට පත්ව තිබෙන්නේ යාපනය දිස්ත්‍රික්කයෙනි. එම ප්‍රමාණය පවුල් 325කට අයත් පුද්ගලයන් 1,107 කි.