ඇති වී තිබෙනා අයහපත් කාලගුණ තත්ත්වය නිසා දිස්ත්‍රික්ක 10ක පවුල් 1929කට අයත් පුද්ගලයින් 7023 ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මෙම පිරිසෙන් පවුල් 43කට අයත් පුද්ගලයන් 172ක් ආරක්ෂිත නිවාස 03ක රඳවාසිටින අතර, පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් එක් අයෙකු අතරුදන් වී සිටින බවද එම මධ්‍යස්ථානය නිකුත් කළ දෛනික වාර්තාවේ සඳහන් කර තිබේ. නිවාස 14කට හානි සිදුව තිබෙන බවද එම දෛනික වාර්තාවේ සඳහන් කර ඇත.