අතුරු අයවැයෙන් ලබාදුන් සහන තවමත් ජනතාවට නොලැබී ඇති බවට පැමිණිලි 1500ක් පමණ සෑම දිස්ත්රික්කයකින්ම තමන් වෙත ලැබී ඇති බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ අසේල සම්පත් මහතා පැවසීය.
උතුර සහ නැගෙනහිර පළාත්වලින් පැමිණිලි වැඩි වශයෙන් ලැබී ඇති බවද, හෙට දිනයේදී මේ පිළිබඳව වාර්තාවක් අගමැතිවරයාට ලබාදෙන බවද හෙතෙම පැවසීය.