අයවැය ලේඛනය මගින් පාර්ලිමේන්තුවත්, රටත්, ජනතාවත්, ජනාධිපතිවරයාත් රවටා තිබෙන අන්දම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලියකියවිලි සහිතව අද (24දා) පෙරවරුවේ පෙන්වා දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
"අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිතුමා මුණගැසී අයවැයේ ඇති බරපතළ තත්ත්වය ගැන පැහැදිලි කළා. පාර්ලිමේන්තුවත් ජනතාවත් මුලාකරමින් ඉදිරිපත් කළ අයවැයක් බවට එහිදී ජනාධිපතිතුමාට තේරුම් කර දුන්නා.
ජනාධිපතිතුමා අපහසුතාවයට පත්කරමින් එක්සත් ජාතික පක්ෂය ලණුවක් දී ඇති බවට ලිපිලේඛන සහිතව ජනාධිපතිතුමාට පෙන්වා දුන්නා" යනුවෙන් හෙතෙම පවසා සිටියේය.