අතුරු අයවැය ඉදිරිපත් කිරීමට පෙර තනි පුද්ගලයන් වශයෙන් වාහන අයදුම් කර තිබූ පුද්ගලයන්ට සහන ලබාදීමට තීරණය කර ඇති බවත්, ධාරිතාව දහසට අඩු වාහන සඳහා ලබාදුන් සහනය වාහන අලෙවි ආයතන විසින් පාරිභෝගිකයන්ට නිසි ලෙස ලබා නොදීම පිළිබඳ දැඩි සැලකිල්ල යොමු කරන බවත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේදී ඊයේ (11දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
&හයිබ්‍රිඩ් වාහන ගෙන්වීම සඳහා වන බදු ප්‍රතිපත්තිය අපි හඳුන්වා දුන්නේ සද්භාවයෙන් යුතුවයි. කෙසේ වෙතත්, අතුරු අයවැය ඉදිරිපත් කිරීමට පෙර තනි පුද්ගලයන් වශයෙන් වාහන අයැදුම් කර තිබූ පුද්ගලයන්ට සහන ලබාදීමට අපි තීරණය කර තිබෙනවා. එහිදී, අදාළ වාහනය වසර හතරක කාලයක් තුළදී අලෙවි නොකරන බවට වන සහතිකය මෙන්ම, පෞද්ගලික ප්‍රයෝජන සඳහා වාහන ගෙන්වන බවටද කරුණු සනාථ විය යුතුව තිබෙනවා.
ධාරිතාව දහසකට අඩු වාහන සඳහා වූ බදු සහනය හේතුවෙන් ඉන්දියාවෙන් ආනයනය කරන වාහන මිල අඩු වී තිබෙනවා. එහෙත් ඒ සහනය වාහන අලෙවි ආයතන පාරිභෝගිකයන්ට නිසි ලෙස ලබා නොදෙන බවටද පැමිණිලි ලැබී තිබෙනවා. ඒ පිළිබඳව අපි දැඩි සැලකිල්ල යොමු කරනවා. සමාන්‍ය ජනතාවට යම් සහනයක් ලබාදීම රජයේ එකම අරමුණයි. ඒ වෙනුවෙන් ඕනෑම කැපවිමක් කිරීමට අප සූදානම් බව පැවසිය යුතුයි.* යනුවෙන් පවසා සිටියේය.