අය වැයට විරෝධය පළ කරමින් කොළඹ ස්ථාන කිහිපයක අද(18දා) උද්ගෝෂණ පැවැත්විණ. ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ, කොටුව දුම්රිය ස්ථානයේ පැවැත්වුණ අතර මේහේතුවෙන් දැඩි රථවාහන තදබදයක්ද හටගෙන තිබිණ. පාර්ලිමේන්තු මන්ත්රීවරුවන් වන දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්රනාන්දු ඇතුළු පිරිසක් එහි රැස්වී අයවැයේ ඇතැම් යෝජනාවලට එරෙහිව මේ විරෝධය ප්රකාශකළහ. එමෙන්ම සමෘද්ධි නිළධාරීන්ගේ සංගමය සහ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයද ස්ථාන දෙකකදී අද උද්ගෝෂණයයේ නිරතවු අතර මේහේතුවෙන් කොළඹ දැඩි රථවාහන තදබඳයක් ද ඇතිවුණි.