2017 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය දෙවැනි වර කියවීම හෙට (10දා) පස්වරුවේ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතය.
අයවැය දෙවැනි වර කියවීම හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, අද (09දා) පාර්ලිමේන්තුව විශේෂ සෝදිසියකට ලක්කිරීමට නියමිතය.
ඒ අනුව අමාත්‍යවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ විවේක කාමරද ඇතුළුව සමස්ත පාර්ලිමේන්තුවම අද දිනයේදී විශේෂ පරීක්ෂාවකට ලක්කෙරෙනු ඇත. අයවැය දෙවැනි වර කියවීමේ විවාදය එළඹෙන 11 වැනිදා සිට 18 වැනිදා දක්වා පැවැත්වෙන අතර, 18 වැනිදා පස්වරු 6.30 ට අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.
එමෙන්ම ලබන 19 වැනිදා සිට දෙසැම්බර් මස 10 වැනිදා දක්වා අයවැය කාරක සභා අවස්ථාව පැවැත්වෙන අතර, අයවැය තුන්වැනි වර කියැවීම දෙසැම්බර් මස 10 වැනිදා පස්වරු 6.00 ට සිදුකිරීමට සැලසුම් කර තිබේ.
එමෙන්ම අයවැය විවාද පැවැත්වෙන කාලසීමාවේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු පිළිබඳ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් අද (09දා) උදෑසන කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
මීට අමතරව අයවැය පැවැත්වෙන කාලසීමාව අතරතුර ලබන 13 සහ 14 යන දෙදින තුළ ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට හම්බන්තොට ෂැංග්‍රිලා හෝටලයේදී විශේෂ වැඩමුළුවක් පැවැත්වීමටද රජය සැලසුම් කර තිබේ.
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සහභාගි වන මෙම වැඩමුළුවට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සියලුම මන්ත්‍රීවරුන් සහභාගි වීම අනිවාර්ය කර තිබේ.
එමෙන්ම අමාත්‍යාංශ තුළ කටයුතු කරගෙන යෑමේදී අමාත්‍යවරුන්ට මුහුණපෑමට සිදුවන ගැටලු සම්බන්ධයෙන් සාකාච්ඡා කිරීමටද මෙම වැඩමුළුවේදී කාලය වෙන්කර ඇතැයිද වාර්තා වේ.