අතුරු අයවැය මගින් රජය ලබාදුන් සහන ජනතාවට ලබානොදෙන සියලුම වෙළෙඳ ආයතනවලට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට නියෝග කර ඇත.
එහිදී, අයවැය සහන ලබානොදෙන වෙළෙඳ ආයතන නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා දීපව්‍යාප්ත අන්දමින් වැටලීම් සිදුකරන ලෙසද අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇති අතර, ඒ පිළිබඳ පැමිණිලි 1977 ක්ෂණික ඇමතුම් අංකය වෙත යොමුකරන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෙම සේවාව පැය 24 පුරා විධිමත්ව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සලසන ලෙසද එම අධිකාරියට අමාත්‍යවරයා නියෝග කර තිබේ.