අතුරු අයවැයෙන් ආණ්ඩුව විසින් ප්රකාශයට පත්කර තිබෙන භාණ්ඩවල මිල අඩු කිරීමේ සහනය නොලැබේ නම් ඒ පිළිබඳ පාරිභෝගික ගොවි අයිතීන් සුරැකීමේ සංවිධානයට සහ ආපන ශාලා හිමියන්ගේ සංගමයට දැනුම්දෙන ලෙස එම සංවිධාන නියෝජිතයෝ ජනතාවගෙන් ඉල්ලා සිටිති.
මේ අනුව 0716027912 / 0788714726 හා 0777205137 යන දුරකථන අංකවලට ඒ පිළිබඳ දැනුම්දියහැකි බවදඔවුහු සඳහන් කළහ.
ලැබෙන පැමිණිලි පිළිබඳව සොයාබලා අදාළ පැමිණිල්ල පිළිබඳව තහවුරු කරගෙන පාරිභෝගික අධිකාරී පනත යටතේ නඩු පැවරීමට කටයුතු කරන බවද එම සංවිධාන සඳහන් කරයි.
මේ අනුව පෙට්රල්, ඩීසල්, භූමිතෙල්, පාන්පිටි, පාන්, බස් ගාස්තුව සහ අතුරු අයවැය මගින් පහළ දැමූ භාණ්ඩ 13 ක් පිළිබඳ පැමිණිලි මේ යටතේ ඉදිරිපත් කළ හැකිය.