අතුරු අය වැය ඉදිරිපත් කිරීමට සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අය වැය කතාව ආරම්භ කළේය.
අය වැය කතාව ඉතිහාස ගතවනු ඇතැයි විශ්වාස කරනවා.
දින 100 තුළින් යහපත් හෙටක් ඇති කිරීමට අත්වැල් බැඳගන්නවා.
ජනතා සේවයකයන් වශයෙන් ජනතාවට සේවය කිරීමට බැදී සිටිනවා.
අඩපණව තිබූ ආර්ථිකය නගා සිටවීමත් පුනර්ජනය කිරිමත් සිදුකරනවා.ජනපතිගේ දිවුරුම් දීමට වැය වූයේ රුපියල් 6000ක් පමණයි. පසුගිය රජයේ එම වියදම මිලියන ගණනක් වුණා. අමාත්‍ය මණ්ඩලය 71 සිට 31 දක්වා අඩුකළා.
රුපියල් බිලියන 1400ක් පසුගිය අයවැයෙන් අපෙක්ෂා කළා.
පසුගිය රජයේ අයවැය හිඟය රුපියල් බිලියන 521.
ජනපති කාර්යාලයේ වියදම් ලෙස පසුගිය අයවැයෙන් රුපියල් කෝටි 9533ක් වෙන්කර තිබුණත් නව ජනපතිවරයා එය රුපියල් කෝටි 256ක් දක්වා අඩුකර තිබෙනවා.
ජනපති කාර්යාලයේ වියදම්, රුපියල් කෝටි
2015- 9593, 2014- 10497, 2013- 6244, 2012- 5936, 2011 - 5063, 2010 - 765, 2009 - 634
රජයේ සේවයකයන්ගේ වැටුප් වැඩිවීම පෙබාරවාරි මාසයේදී සිදු කරනවා - රුපියල් 5000ක් වැටුපට දෙනවා.
අමාත්‍ය මණ්ඩලය 40කින් අඩු කිරීමෙන් රුපියල් බිලියන 2.5ක් ඉතිරිවුණා. අපනයන ආදායම වැඩි කිරිමට කටයුතු කරනවා. ජූනි මාසයේදී රාජ්‍ය වැටුපට 5000ක් දෙනවා. රජයේ සේවකයන්ට ඉතිහාසයේ දුන් ඉහළම වැටුප් වැඩිවීමයි. පෞද්ගලික අංශයේ සේවක වැටුප රුපියල් 2500කින් වැඩිකිරීමට යෝජනා කරනවා.
යුරෝපා රජයට මාලු අලෙවි කිරීමට අව්‍යශ නටයුතු නඩිනමින් ගන්නවා. අප්‍රේල් මාසයේ සිට විශ්‍රාම වැටුප් 1000 වැඩිකරනවා. සමෘද්ධි දීමනාව 100% , 200යකින් අප්‍රේල් මාසයේ සිට වැඩිකරනවා.අලුත උපන් දරැවන්ට සහ මව්වරැන්ට වසර දෙකක් දක්වා දීමනවාක්. ගොවි ජනතාවට වාණ්ජ බැංකුවලට ගෙවීමට තිබෙන ණය වලින් 50% අඩුකෙරේ. තේ පොල් රබර් සදහා සහතික මිලක්. අත් ටැක්ටර් අඩු මිලකට ලබා දෙනවා. පොහොර සහනාධාරය දිගටම පවත්වාගෙන යනවා.
නැවුම් කිරී ලිීටරයකට රුපියල් 70ක සහතික මිලක්. කොළඹ නගරයේ නැවත පදිංචි කිරීමේ ජනතාවට සහන. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන විමධ්‍ය ගත මුදල රුපියල් මිලියන 5 සිට 10 දක්වා ඉහළට.
දැයට කිරුළ දූෂනය හා වංචා සිදුවුණා.දැයට කිරුළ නවතා දැමීමට යෝජනා.
බාහිර රෝගී අංශ පැය 24ම විවෘත කරයි. වකුගඩු රෝගීන්ගේ දීමනාට රුපියල් මිලියන 2000ක් වෙන්කෙරේ.
අධ්‍යාපනයට රජය දරණ වියදම් වැඩිකරනවා. අධ්‍යාපනයට කරන වියදම දළ දේශීය නිශ්පාදිතයෙන් සියයට 6ක් කරනවා.
සහන ලබාදීම
භූමිතෙල් ලීටරයක් රුපියල් 6කින් අඩුකරයි. නව මිල රුපියල් 59යි. සූරිය බලශක්තිය නංවාලීමට යෝජනා.
අත්‍යාවශ්‍ය බඩු මත පනවන බදු අඩුකරමින් භාණ්ඩ 13ක මිල අඩුකරයි.
සීනි මිල රුපියල් 10කින් අඩුවෙයි. කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුවක් රුපියල් 325ක් දක්වා පහළට. සස්ටජන් කිරිපිටි පැකට්වක මිල රුපියල් 100කින් අඩුවෙයි.
තිරුගුපිටි කිලෝග්‍රෑමයක මිල් රුපියල් 12.50කින් අඩුවෙයි. තිරුඟුපිට මිල අඩුවීමත් සමග පාන් මිලද අඩුවෙයි.
මුං ඇට කිලෝවක් රුපියල් 40කින් අඩුකරයි. හාල්මැස්සන් සඳහා පනවන බඳු අවම කිරිමෙන් එහි මිල අඩුවෙයි. ටින් මාලු සඳහා අය කරන ලද වශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 52කින් අඩුකරයි. ටින් මාලු මිල අඩුවීම රුපියල් 60ක් වෙනු ඇතැයි අපෙක්ෂිතය.
කොත්තමල්ලි සඳහා අයකරන බඳු අඩුකරයි. විශේෂ වෙළඳ බද්ද රුපියල් 20කින් අඩුකරයි. උඳු පිටි කිලෝවක මිල රුපියල් 60කින් අඩුකරයි. උම්බලකට මිල රුපියල් 100කින් අඩුකිරීමට යෝජනා. මිරිස් කිලෝවක් සඳහා අයකරන බද්ද රුපියල් 25කින් අඩුකරයි.
යෝජනා හේතුවෙන් රජයේ ආදායම අහිමිවෙනවා. භාණ්ඩමිල අඩුකිරිම තහවුරු කිරීමට සතිපතා පරීක්ෂා කරයි. කාන්තාවන්ගේ උගස් කරන ලද රන්භාණ්ඩ සඳහා අයකරන පොලිය කපාහැරේ.
කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල් 1596 දක්වා රුපියල් 300කින් පහළට. අධිශෝඛභෝගී නිවාස සඳහා වාර්ශිකව රුපියල් මිලියනයක මන්දිර බද්දක්.
ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය අතර යන අයගේ මුදලට 20%ක බද්දක්.සුපිරි නිවාස සඳහා බද්දක් අයකෙරෙන අතර එය එක් වරක් පමණක් අය කෙරෙයි. මිලියන 2000කට වැඩි ආදායම් ලැබූවන්ගෙන් 20%ක බද්දක්. උපයන විට ගෙවන බද්දේ අවම සීමාව රුපියල් 750000ක් දක්වා ඉහළට.
සීසී ධාරිතාව 1000ට අඩුවාහන සඳහා 15%ක බදු අඩුකිරීමක්. ගෙන්වන වාහන සඳහා ක්ෂයවීමේ බද්ද ඉවත් කරයි.
සිමෙන්ති හා වානේ සඳහා තීරු බදු අයකරයි.
මෝටර් වාහන එක්ලස් කරන සමාගම් මෙතෙක් නොගෙවූ බඳු අයකිරිමට යෝජනා. මිලියන 12000ක ආදායමක් අපෙක්ෂිතය.
යතුරු පැදි හා ත්රි්රෝද රථ එකලස් කිරිමේ කර්මාන්ත සඳහා ආනයයේදී අයකරන බඳු ඉවත් කෙරේ.
සිමෙන්ති මිල රුපියල් 90කි අඩුවෙතැයි අපෙක්ෂා කෙරේ.
එතනෝල් ආනයනය සීමාවට රේගු අංගනයන්හි ස්කෑන් යන්ත්‍ර ස්ථාපිත කිරීමට යෝජනා.
ව්‍යාපාරිකයාට සේවා පහසුකිරීමට ජාල ගත සේවා ඒකකයක්. කැඅසිනෝ ව්‍යාපාරිකයන්ගෙන් රුපියල් මිලියන 1000ක එක්වරක බද්දක්.
මත්පැන් බලපත්‍ර ලබාදීමට ටෙන්ඩර් ක්‍රමයක්. එක් පුද්ගලයෙකුට අලෙවිහල් තුනයි. මත්පැන් බලපත්‍ර ගාස්තු දෙගුණ කෙරේ. තැබෑරුම් 4321ක් රුපියල් 250000ක එක්වරක් ගෙවන බදදක්.
විවාහ හා ලියාපදිංචි කිරීමේ ගාස්තු 5000 සිට 1000 දක්වා රුපියල් 4000කින් පහළට.
ජංගම දුරකතන සේවා සපයන අයගෙන් රුපියල් මිලියන 250ක එක්වරක් ගෙවන බද්දක්.
ක්‍රීඩා නාළිකා සඳහා රුපියල් මිලියන 1000ක බද්දක්.
රජයේ ආයතන සතු අබලන්වූ වාහන ප්‍ර සිද්ද වෙන්දේසියක් යටතේ විකිණීමට යෝජනා. මිලියන 1000ක ආදායමක් අපෙක්ෂිතය.
වාහන ආයනය කරුවන්ට රුපියල් මිලියන 1.1ක බලපත්‍ර ගාස්තුවක්.
වකුගඩු අරමුදලට දායක වීමට ඉල්ලීම්.
ආබාධිත රණවිරුවන්ට විරු දිරිය නමිල් ලක්ෂ පහක උපරිමයකට අයත් ණයක්.
මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 5000කින් ඉහළට.
දහම් පාසල් ගුරුවරුන්ට මසකට රුපියල් 200ක දීමනාවක්.
ශ්‍රී ලංකන් හා මිහින් ආයතනයේ පාඩුවට රටට දරාගන්න බෑ. වසර පහක පාඩුව බිලියන 100කට ඉහළයි. මිහින් හා ශ්‍රී ලංකන් ගුවන් සමාගම් එක්බද්ධ කරයි.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා බස්ගාස්තු 50%කින් අඩුකෙරේ. ධීවරයින්ට රුපියල් මිලියනයක ජීවන රක්ෂණ ක්‍රමයක්.
රජයේ ආයතන සඳහා දේශපාලන දැන්වීම් පළ කිරීම වාහාම ක්‍රියාත්මක වන පරිදි නතර කරයි.