කොළඹ අපරාධ කොට්ඨාසයට ප්‍රකාශයක් ලබාදීමට වැඩම නොකළ පූජ්‍ය අඹන්පොළ රතනසාර හිමියන් අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
අත්අඩංගුවට ගෙන උන්වහන්සේ අධිකරණයට ඉදිරිපත් කරන බවත්, අද (02දා) දිනයේදී ප්‍රකාශයක් ලබාදීමට වැඩම කළ පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් සහ තවත් පුද්ගලයෙකු අධිකරණයට ඉදිරිපත් කළ බවත් හෙතෙම පවසා සිටියේය.
උන්වහන්සේ හා අනෙක් පුද්ගලයා මේ මස 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මෙම පිරිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ මියන්මාර සරණාගතයන්ට විරෝධය පෑමේදී කලහකාරී ලෙස හැසිරීමේ චෝදනාව මතය.