අඹතලේ ජල පවිත්‍රාගාරයත් ගංවතුර අනතුරේ
ගම්පහට කොළඹට බොන වතුරත් නැති වෙන තත්ත්වයක්
කැලණි ගඟ පිටාර ගැලීමත් සමග අඹතලේ ජල පවිත්රාගාරයද ගංවතුරට හසු වී තිබෙන අතර තවත් අඩි දෙකක් පමණ ගංවතුර මට්ටම ඉහළ ගියහොත් ජල සැපයුම සම්පුර්ණයෙන්ම ඇනහිටීමේ දැවැන්ත අර්බුදකාරී තත්ත්වයක් ඇති උදගත් විය හැකි බව අඹතලේ ජල පවිත්‍රාගාරයේ මෙහෙයුම් කළමනාකරු පියල් රාජපක්ෂ මහතා පැවසීය.
කැලණි ගඟේ ජල මට්ටම අඩි 20යි අඟල් 05ක් දක්වා ඉහළ ගොස් ඇති බැවින් තවත් අඩි දෙකක් ජල මට්ටම ඉහළ ගියහොත් ජලය බෙදා හැරීම ඇන හිටීමේ තත්ත්වයක් උද්ගත විය හැකි බවත් ඒ අනුව ජල පවිත්‍රාගාරයෙන් ජලය සැපයෙන කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට ජල සැපයීම නතර කිරීමට සිදු විය හැකි බවත් හෙතෙම අනතුරු ඇඟවීය.
බියගම පිහිටි ජල සැපයුම් මධ්‍යස්ථානය ජලයෙන් සම්පුර්ණයෙන්ම යට වී ඇති නමුත් ජල සැපයුම අඛණ්ඩව සිදු වන බවත් සඳහන් කළ මෙහෙයුම් කළමනාකරු රාජපක්ෂ මහතා ජලයේ පිරිසිදුභාවය සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු ගැටලුවක් නොමැති අතර පවතින තත්ත්වය යටතේ පවතින ක්‍රමවේදය යටතේ ක්ලෝරීන් සාන්ද්‍රණය වැඩි කර ජලය පිරිසිදු කර බෙදා හැරීම සිදු වන බවද අවධාරණය කළේය.