පිටකොටුව ගුණසිංහපුරදී ගැබිනි කාන්තාවක් තම රියට යටකර විදෙස්ගතව සිටි සැකකරු අද (09දා) පිටකොටුව පොලිස් ස්ථානයට භාර වී ඇත.ලිලාන් පියරත්න නැමැති සැකකරු පසුගිය 27දා ගුණසිංහපුරදී මෙම අනතුර සිදුකිරීමෙන් අනතුරව සිංගප්පුරුව හරහා ඇමරිකා එක්සත් ජනපදයට පලාගොස් තිබේ. ඔහු ඊයේ (08දා) නැවත ලංකාවට පැමිණ ඇත.
සැකකරු අද (09දා) දින අලූත්කඩේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය පවසයි.ඔහුට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය මගින් රතු නිවේදනයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කරමින් සිටින අතර, එය අවලංගු කිරීමට පියවර ගෙන තිබෙන බවද පොලිස් මූලස්ථානය පවසයි.අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ පෞද්ගලික රෝහලක අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකි.