අමු තේ දලු කිලෝවකට රුපියල් 80 ක සහතික මිලක් අතුරු අයවැය තුළින් ලබාදුන්නද තේ කම්හල් හිමියන් තේ වැවිලිකරුවන්ට එම වරප්‍රසාදය ලබා නොදෙන බවත්, මේ පිළිබඳ පැමිණිලි කිරීමට ස්ථානයක් හෝ නොමැති වීම නිසා තමන්ට අතුරු අයවැයේ වරප්‍රසාදය නොලැබී ගොස් තිබෙන බවත් කුඩා තේ වතු හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
තේ දළු කිලෝවකට රුපියල් 80 ක සහතික මිලක් ලබාදුන්නද තවමත් තේ දළු කිලෝවකට ගෙවන්නේ රුපියල් 60 - 65 අතර මුදලක් බවද එම සංගමයේ ජාතික සංවිධායක ලාල් ප්‍රේමනාත් මහතා සඳහන් කළේය.
රජයෙන් ලබාදෙන පොහොර සහනාධාරය යටතේ පොහොර කිලෝ 50 ක් සඳහා රුපියල් 1200කට අධික මුදලක් සහ වැඩ කරන සේවකයන්ට විශාල මුදලක් වැයකළද, අමු තේ දළු කිලෝවකට රුපියල් 60 - 65 ත් ආදායමක් ලැබීම නිසා කුඩා තේ වතු හිමියන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටින බවද ඔහු පවසා සිටියේය.
මෙම ගැටලුවට විසඳුමක් ලෙස වර්තමාන ආණ්ඩුව යම් වරප්‍රසාදයක් ලබාදුන්නද එම වරප්‍රසාදය ලබාදීමට තේ කම්හල් හිමියන් කටයුතු නොකිරීම නිසා කුඩා තේ වතු හිමියන්ට එම වරප්‍රසාදය නොලැබෙන බවද හෙතෙම සඳහන් කළේය.