බැදුම්කර වාර්තාවේ දැනට ප්‍රසිද්ධ කර නැති පිටුවල දඹර අමිල හිමි,සමන් රත්නප්‍රි,ගාමිණි වියන්ගොඩ,ධර්මසිරි බණ්ඩාරනායක,සමනලී ෆොන්සේකා යන අයගේ නම් සඳහන්ව ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06දා) පැවසීය.
පසුගිය කාලයේදී සාධාරණ සමාජයක් සඳහා පෙනී සිටි මෙම පුද්ගලයන් අර්ජුන් ඇලෝසියස් සමඟ ගණුදෙනු කර තිබෙන ආකාරය ඉන් පැහැදිලි වන බවත්,කොමිසන් සභා වාර්තාවේ පිටු සමාජයට මුදාහැරිවිට මොවුන්ගේ සැබෑ ස්වභවය හෙළිවනු ඇති බවත් මන්ත්‍රිවරයා සඳහන් කළේය.
කථානායකවරයා මෙම තොරතුරු සඟවාගෙන සිටිම ගැටලුවක් බවත්,ජනතාවට සත්‍ය දැනගැනීමට අවස්ථාව ලබාදිය යුතු බවත් හෙතෙම කීවේය.