අමාත්‍යාංශ යටතේ පවතින ආයතන සඳහා සභාපතිවරුන් පත්කර ඇත්තේ ජනපති අගමැති ප්‍රධාන කමිටුවේ නිර්දේශ මත බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
අද (29දා) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. සියලුම ආයතනයන්හි සභාපතිවරුන් පත්කරන්නේ එම කමිටුව මගින් බවත්, පත්කරන ලද සභාපතිවරුන්ද එලෙස පත් කළ බවත් අමාත්‍යවරයා කීය. තමාද එම කමිටුව වෙත ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ආයතන සඳහා නිර්දේශ යවා ඇති බවද ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා පැවසීය.