අනුරාධපුර නව නුවර පාරේ හයේ කණුව ප්‍රදේශයේදී අද (08දා) අලුයම කැබ් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් සිදුවු අනතුරකින් පොසොන් රාජකාරියේ යෙදී ආපසු යමින් සිටි අනුරාධපුර මූලස්ථාන පොලීසියේ රථවාහන අංශයට අනියුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි අනුරාධපුර පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ එක්දරු පියෙකු වන බුද්ධික අරවින්ද බංඩාර (අවු.29) නමැත්තෙකි.
අනතුර සිදුවන අවස්ථාවේ උතුරු මැද පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු එහි ගමන් කර ඇති බවට තොරතුරු වාර්තා වන අතර අනතුර සිදුවු අවස්ථාවේ ඔහු පලාගියේද යන්න අනාවරණය කර ගැනීම සදහා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මරණකරු ගමන් ගත් යතුරු පැදියේ ගැටුන කැබ් රථය ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශයට අයත් රථයක් බවත් එය ඇමතිවරියගේ ලේකම්වරයෙකු පරිහරණය කළ බවත් පරීක්ෂණවලදී අනාවරණය විය.