දින 17ට පමණ පෙර අම්බලන්තොටින් පොලිස් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 20ට ආසන්න කුඩු තොගය ජාවාරම් කළ බව කියන මහ මොළකරු අද (14දා) දහවල් අම්බලන්තොටදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු බෝට්ටු හිමියෙක් බව කියයි. හෙට පෙරවරුවේදී ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. අම්බන්තොට පොලීසිය සැකකරු රඳවා තබාගෙන ප්රශ්න කරයි.