'සැමට සෙවන ආදර්ශ නිවාස වැඩසටහන යටතේ' අම්පාර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 100 දෙනෙකු සඳහා ඉඩම් ඔප්පු සහ නිවාස ආධාර ලබා දීමේ වැඩසටහනක් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) අම්පාරේ දී පැවැත්විණි. මෙම වැඩසටහන යටතේ, අම්පාර දිස්ත්‍රික්කයේ අම්පාර, උහන, දමන හා පදියතලාව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල පදිංචි සිය දෙනෙකු වෙනුවෙන් මෙලෙස ඉඩම් ඔප්පු පිරිනමනු ලැබීය. ඒ අනුව, එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකින් පුද්ගලයින් විසි පස් දෙනෙකු මෙම නිවාස ව්‍යාපෘතියට තෝරා ගෙන තිබිණි. ජාතික නිවාස අධිකාරිය විසින්, ඔවුන්ගේ නිවාස ඉදිකර ගැනීම සඳහා එක් පුද්ගලයකු වෙනුවෙන් රුපියල් 250,000 බැගින් ආධාර මුදලක් ද ලබා දීමට කටයුතු කර ඇත.