ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ සහ රීෂාඩ් බද්යූදීන් මහතාගේ මක්කල් කොංග්රසයේ ආධාරකරුවන් දෙපිරිසක් අතර අම්පාර දිස්ත්රික්කයේ පිලෙයිමුනේ ප්රදේශයේදී ඊයේ (18දා) ඇති වූ ගැටමුකින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි කැෆේ සංවිධානය පවසයි.
එම සංවිධානයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළේ, ඡන්ද විමසීම අවසන් වීමෙන් පසුව මේ දක්වා වාර්තා වී ඇති බරපතළම මැතිවරණ ප්රචණ්ඩ ක්රියාව මෙය බවයි.