මහඹය, සමගිපුර ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ට පොලිස් නිලධාරීන් පහරදීම හා පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් උඳුරා ගැනීමට තැත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ පරීක්ෂණයක් ආරම්භ කළ බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
සමගිපුර ප්‍ර දේශයේදී පුද්ගලයෙකු ආරවුලක් හේතුවෙන් රඳවාගෙන සිටින බවට කරන ලද පැමිණිල්ලක් විභාග කිරීමට ගිය අවස්ථාවේදී මෙම සිදුවීම සිදුව තිබේ.
ගිනි අවිය උදුරා ගැනීමට උත්සාහ කරන අවස්ථාවෙන් තවත් පොලිස් නිලධාරියෙකු වෙඩි තැබීම හේතුවෙන් එම ස්ථානයේ සිටි පුද්ගලයෙකු හා කාන්තාවක තුවාල ලබා ඇතැයිද පොලීසිය පවසයි.
තුවාල ලැබූ පොලිස් නිලධාරීන් 5 දෙනෙකු තුවාල ලබා මහඹය රෝහලට ඇතුළත් කර තිබේ.