අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය දවුල්දෙන ඥාණිස්සර නාහිමියන් සම්බුද්ධ ශාසනයට සිදුකළ මෙහෙවරට ගරුකිරීමක් ලෙස සියලුම රාජ්‍ය ආයතන සහ නිවාසවල කහ වර්ණ ධජයක් ඔසවා තබන ලෙස රජය ඉල්ලා සිටියි.උන්වහන්සේගේ දේහය නුගේගොඩ, පාගොඩ පාරේ ශ්‍රී විද්‍යා විජයරාමයේ තැන්පත් කර ඇති අතර, අනිද්දා (06දා) ප.ව. 3.00ට පමණ ශ්‍රී දේහය නිදහස් චතුරස්‍රය දක්වා වැඩමවීමට නියමිතය.
දවුල්දෙන ඥාණිස්සර නාහිමියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා (06දා) ප.ව. 3.30ට කොළඹ නිදහස් චතුරස්‍රය පරිශ්‍ර‘යේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට සැලසුම් කර තිබේ.
අග්ගමහා පණ්ඩිත, සාහිත්‍ය ශූරී, ත්‍රිපිටකාචාර්ය, භාෂාන්තර විශාරද, ජිනශාසන කීර්ති ශ්‍රී ග්රන්ථ විශාරද, ද්විභාෂා විශාරද, සංස්කෘත චක්රවර්ත්රී, රාජකීය පණ්ඩිත ආදී ගෞරව නාම රාශියකින් පිදුම් ලබා ඇති අතිපූජ්‍ය දවුල්දෙන ඥාණිස්සර නාහිමියෝ ශාසනයේ චිරස්ථිතිය සහ ශාස්ත්‍රයන්හි උන්නතිය වෙනුවෙන් අතිවිශාල මෙහෙවරක් සිදුකළහ.