හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදී තිබූ හමුදා ආරක්ෂාව එලෙසින්ම ලබාදෙන්නැයි අමරපුර මහානිකායේ මහානායක රාජකීය පණ්ඩිත දවුල්දෙණ ඤාණිස්සර හිමියෝ ජනපති මෛත්රීපාල සිරිසේන මහතා ලිපියක් යොමුකරමින් අනුශාසනා කරති.
පැවිදි හිමිනමක් වශයෙන් තමන් වහන්සේට දේශපාලනයට අතගැසීම නොසුදුසු වුවත් දේශපාලනික වශයෙන් නොව පෞද්ගලික වශයෙන් තමන් වහන්සේ ඉදිරිපත් කරන කරුණු පිළිබඳව අවධානය යොමුකරන්නැයිද උන්වහන්සේ පවසති.
'තමා උපමා කොට සිතා අනුන් නොනැසිය යුතුය, නොනැවසිය යුතුය' යනුවෙන් සිය ලිපිය උන්වහන්සේ ආරම්භ කරති.
මහ නා හිමියන්ගේ ලිපිය