මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ උපදේශක ලෙස කටයුතු කළ විද්‍යා අමරපාල මහතා කිසිදු මූල්‍ය වංචාවකට සම්බන්ධ බවට තොරතුරු හෝ සාක්ෂි නොමැති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) දන්වා එවා ඇතැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පවසා සිටියේ පසුගිය අප්‍රේල් මාසයේ පළ කෙරුණු පැනමා පත්‍රිකා ලෙස හැඳින්වුණු ලැයිස්තුවෙහි විද්‍යා අමරපාල මහතාගේ නමද ඇතුළත් කර තිබුණ බවත්, ඒ පිළිබඳව මහනගර සභා හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ දැඩි අවධානය යොමුවූ බවත්ය.
ඒ අනුව පරීක්ෂණ කටයුතු නිමවන තෙක් විද්‍යා අමරපාල මහතා එම අමාත්‍යාංශයේ එතෙක් දැරූ තනතුරුවලින් ඉවත්වීමට පියවර ගෙන තිබේ. එමෙන්ම විෂය භාර අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් විසින් විද්‍යා අමරපාල මහතා නීතිවිරෝධී මූල්‍ය කටයුත්තක නියැළී සිටියාද යන්න සොයා බලන ලෙස මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් ඉල්ලීමක් කර තිබේ. ඊට අමතරව අදාළ අමාත්‍යාංශයෙන් හිටපු අමාත්‍යාංශ ලේකම් ජයතිලක මහතාගේ මූලිකත්වයෙන් විද්‍යා අමරපාල මහතා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර තිබේ.
පැනමා පත්‍රිකා 2013 වසරේ එළිදැක්වුණු සිංගප්පූරු විදේශ ගිණුම් හාසමාගම් පවත්වාගෙන ගිය ශ්‍රී ලාංකිකයන් පිළිබඳ හෙළිදරව් කිරීමක් වන බවද, මීට පෙර එම ලැයිස්තුව පාර්ලිමේන්තුවේදීද ප්‍රශ්න කළේ යැයි එම මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.
එහෙයින් විද්‍යා අමරපාල මහතාට නැගෙන චෝදනා පදනම් විරහිත බව පූර්ව පරීක්ෂණ දෙකකින් අනාවරණය වී ඇතැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.