අධිකරණය හමුවට යා යුත්තේ බැඳුම්කර නිකුත් කිරීමේ දී දූෂිත ආකාරයට කටයුතු කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු ජනාධිපතිවරයා මිස අනුගාමිකයන් නොව බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පැවැති ආණ්ඩුවේ වෙනත් අමාත්‍ය ධුර දැරූ බන්ධුල ගුණවර්ධන හෝ මහාචාර්ය ජී.එල්. පීරිස් යන මහත්වරුන් අධිකරණය හමුවට යාමෙන් පළක් නොවන බවයි.
බැඳුම්කර නිකුත් කිරීමේ දී දූෂිත ආකාරයෙන් කටයුතු කළ බවට තමාට එරෙහිව එල්ල වන චෝදනා සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා කියා තිබුණි. මුදල් අමාත්‍යවරයා ඊට ප්‍රතිචාර දක්වමින් කියා තිබුණේ හැකි නම් නීතිමය පියවර ගන්නා ලෙසයි. එහෙත් ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා, හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් තමා අධිකරණය හමුවට යන බව ප්‍රකාශ කර තිබූ අතර, ඊට ප්‍රතිචාර දක්වමින් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අද (03දා) මේ බව කියා සිටියේ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් අමාත්‍යවරයා,
“එල්ල වෙලා තියෙන චෝදනා බොරු නම් අධිකරණයට යන්න කියල මම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කළා. ඔහු කිවුව යනව කියල. ඒකට බන්ධුල ගුණවර්ධණ, ජී.එල්. පීරිස් වගේ අය උත්තර දීල හරියන්නෙ නැහැ. මේ ප්‍රශ්නෙ ඇහුවෙ වර්තමාන මුදල් ඇමැතිවරයා විදියට මමයි. ඒකට උත්තර දෙන්න ඕනෙ හිටපු මුදල් ඇමැතිවරයා වන මහින්ද රාජපක්ෂ මහතායි. එයා තමයි මේ ගැසට්වලට අත්සන් තබන්නෙ. ඒ නිසා උසාවි යන්න කියල මම යළිත් කියනවා. එහෙම උසාවි යන්න පදනමක් නැති නිසා තමයි, මේ වෙන වෙන අය ලවා විවිධ ප්‍රකාශ නිකුත් කරන්නෙ.” යැයි පවසා සිටියේය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ද සහභාගී වී සිටියේය.