අපේක්ෂිකාවන්ට එරෙහිව සිදුකරන අවමන් සසහගත කටයුතු දිනෙන් දිනම වර්ධනය වෙමින් තිබෙන බව සඳහන් කරයි.
ලොව සර්වජන ඡන්ද බලය දිනාගත් ජාතීන් අතර ශ්රීලාංකිකයන් ප්රමුඛස්ථානයේ රැඳී සිටියද, කාන්තා දේශපාලන නියෝජනය අතින් ශ්රී ලංකාව පහළ මට්ටමක පවතින බවද එම සංවිධානයේ කැඳවුම්කාර මණ්ඩල සාමාජික රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
මේ නිසා කාන්තා නියෝජනය ඉහළ දැමීමට මෙම මැතිවරණයේදී විධිමත් වැඩපිළිවෙළක් ක්රියාත්මක වී තිබෙන බවත්, මේ අනුව අපේක්ෂිකාවන් ලෙස විශාල පිරිසක් ඉදිරිපත් කර සිටින බවත් ඔහු පවසා සිටියේය.
එලෙස මැතිවරණයට ඉදිරිපත් වී සිටින කාන්තා අපේක්ෂිකාවන්ට සංවිධානාත්මකව නින්දා අපහාස සිදුවන ආකාරයේ සිදුවීම වාර්තා වන බවද ඒ මහතා සඳහන් කළේය.
සමස්තයක් ලෙස පසුගිය මැතිවරණයේදී පළාත් පාලන ආයතන 335 තුළින් පත්වූයේ කාන්තා සභිකයන් 85 දෙනෙකු පමණක් බවද හෙට්ටිආරච්චි මහතා පවසා සිටියේය.
එවන් තත්ත්වයක් තුළ කාන්තා නියෝජනය ඉහළ දමාගැනීමට තිබූ අවස්ථාවද අහිමි කිරීමට උත්සාහ කිරීම අනුමත කළ නොහැකි ක්රියාවක් බවද හෙතෙම පවසා සිටියේය.
මැතිවරණයට ඉදිරිපත් වී සිටින කාන්තාවන් පරාජයට පත් කළද, පවතින නීතියට අනුව කාන්තා නියෝජනය 25෴ බවට පත් කිරීමට ලයිස්තුවෙන් ලැබෙන අවස්ථාව ප්රයෝජනයට ගැනීම සිදුවන බව සියලු දෙනා මතක තබාගතයුතු බවද ඒ මහතා තවදුරටත් සඳහන් කළේය.