මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව ඇති අපෙක්ෂිකාවකට මැතිවරණ ආධාරකරුවෙකු විසින් ලිංගික අතවර සිදුකර ඇතැයි පොලීසිය පවසයි.
වැලිකන්ද පොලිස් වසමේදී පෙරේදා (02දා) මෙම සිදුවීම සිදුව තිබේ.
එදිනම වැලිකන්ද පොලීසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර ඇති අතර, පැමිණිලිකාරිය රෝහල් ගතකර තිබේ.
සැකකරු ප්රදේශයෙන් පලාගොස් ඇතැයි පොලීසිය පවසයි.