රෝග කල්තියා හඳුනා ගැනීම හා රෝග නිශ්චය කිරීමට මහරගම ජාතික පිළිකා රෝහලට 3 Tesla MRI ස්කෑන් යන්ත්‍රයක් හා මහනුවර ශික්ෂණ රෝහලේ Gamma Knife Package සහ PET/CT යන්ත්‍රයක්ද මිලදී ගැනීමේ ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඒ සඳහා ඔස්ට්‍රියාවේ Odelga Med G.m.b.H වෙතින් සවිස්තරාක්මක යෝජනාවක් කැඳවීමටත් ඒ සඳහා අවශ්‍ය වන අරමුදල් සලසා ගැනීම පිණිස ඔස්ට්‍රියාවේ Unicredit බැංකුව සමග සාකච්ඡා කිරීම පිණිසත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
වර්තමානයේදී ශ්‍රී ලංකාවේ රෝගාබාධ නිසා සිදුවන මරණ සඳහා හේතුවන දෙවන ප්‍රධාන සාධකය වශයෙන් පිළිකා රෝගය හඳුනාගෙන තිබේ. රෝගය පාලනය කිරීමට නවීන තාක්ෂණයෙන් යුත් පහසුකම් ශ්‍රී ලංකාව තුළ නොමැතිවීම හේතුවෙන් ආර්ථික වශයෙන් හැකියාවක් සහිත රෝගීන් විදේශීය ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමුවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරනු ලැබේ.
පිළිකා රෝගය කල්තබා හඳුනාගත හැකිනම් ප්‍රතිකාර මඟින් රෝගීන්ගෙන් 1/3 කට වඩා වැඩි ප්රමාණයකගේ රෝග වර්ධනය වළක්වා ගත හැකි වුවත් අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල රෝගීන්ගෙන් 70% කගේ පමණ රෝගී තත්ත්වය හඳුනාගනු ලබන්නේ රෝගය බෙහෙවින් උත්සන්න වීමෙන් අනතුරුව බැවින් පිළිකා හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි කැබිනට් සන්දේශයේ සඳහන් වෙයි.