මැතිවරණයකදී අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය පිළිබඳ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සකස් කළ කෙටුම්පතක් අද (03දා) අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන විසින් බාරදෙනු ලැබීය.
ඉදිරි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය රටේ නීතියක් බවට පත්කිරීම සඳහා මෙම කෙටුම්පත බාරදුන් බවද පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.
මීට අමතරව පක්ෂයට අනුග්‍රාහකයෙකුට අපේක්ෂකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදල් සීමාවන් පිළිබඳ මෙයට ඇතුළත් බවද පවසා හෙතෙම සිටියේය.