ඉස්ලාම් දහමට එරෙහිව ඇමෙරිකාවට යුද්ධයක් නොමැති බවත්, ඇමෙරිකාවට ඇත්තේ ඉස්ලාම් විකෘති කරන්නන්ට එරෙහි යුද්ධයක් බවත් ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා පවසයි.
ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙසේ පවසා සිටියේ ඩෙන්මාර්කයේ සහ ප්‍රංශයේ ප්‍රහාර සමග ඇති වී තිබෙන අන්තගාමී ක්‍රියා සම්බන්ධයෙන් රටවල් 60ක නියෝජිතයන් සහභාගි වූ දින තුනක සැසිවාරයක් අමතමිනි.
රැඩිකල්වාදීන්ගේ සංකල්පයන්ගෙන් මේ වනවිට ලෝකය වෙළී ඇති බව පෙන්වා දෙන ඔබාමා අවධාරණය කරන්නේ, ඉස්ලාමීය රාජ්‍යය හා අල්-කයිඩාව වැනි සංවිධාන මෙහෙයවන නායකයන් ආගමික නායකයන් නොවන බවයි. ඔවුන් හුදෙක්ම ත්රස්තවාදීන් බව ඔබාමා තරයේ කියා සිටියි.
මෑත කාලයේදී අන්තවාදීන් විසින් යුරෝපය හා ඔස්ට්‍රේලියාව පුරා ප්‍රහාර දියත් කළ අතර, මෙය ලෝකයටම බලවත් තර්ජනයක් බව ලෝක නායකයෝ පෙන්වා දෙති. එහිදී, අල්කයිඩාව හා ඉස්ලාම් රාජ්‍ය බිහිවීම තුළ විවිධ සංකල්ප ඉදිරිපත් කරමින් තරුණ පිරිස් නොමග යවන තත්ත්වයක් වර්තමානයේ උද්ගතව පවතින අතර, ඇමෙරිකාව ප්රමුඛව ඒකාබද්ධ සන්ධානය ඊට එරෙහිව ගුවන් ප්‍රහාර අරඹා තිබේ.