අනාගතයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනයකදී සියලුම නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට බලපාන ප්‍රතිපත්ති රාමුවක් සකස් කරන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (30දා) පැවසීය.
නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට එළඹීමට පෙර ව්‍යාපාරිකයන් හා විද්වතුන් සමඟ සාකච්ඡා කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
තම පක්ෂය නිදහස් වෙළෙඳ ගිවසුම්වලට විරුද්ධ නොමැති බවත්, එවැනි ගිවිසුම්වලින් දේශීය ව්‍යාපාරිකයාට පාඩු සිදුනොවන පරිදි අත්සන් කළ යුතු බවද සභාපතිවරයා පවසා සිටියේය.
ජී.එල්.පීරිස් මහතා මෙම අදහස් පළකළේ බොරැල්ල වජිරාශ්රමයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකදීය.