පසුගිය ගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ලබාගත් සියලුම ණය ප්‍රමාණයෙන් තුනෙන් දෙකක් වත්මන් ආණ්ඩුව ලබාගෙන තිබෙන බව හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
අද පුවත්පත හා සාකච්ඡාවකට එක්වෙම්න් ඔහු මේ බව පැවැසීය. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ණය ලබාගන වැඩ කළත් වත්මන් ආණ්ඩුව කරන වැඩක් පෙනෙන්ට නැති බවද ඔහු කීවේය.
"එදා ගත් මුදල්වලින් සිදුකළ වැඩ ඉතා පැහැදිලිව කාටත් පේනවා. යටිතල පහසුකම් සංවර්ධනය, රෝහල්, පාසල් දියුණු කළ ආකාරය කාටත් පේනවා. නමුත් මෙම කාලය තුළ සිදුකළ කිසිදු වැඩක් නැහැ." යැයි ඔහු පැවැසීය.