දින 100 පිච්චියටම බැස ඇති බවත්, වත්මන් ආණ්ඩුව විසින් පැවැති ආණ්ඩුව පික් පොකට් ගැසූ බවත් දකුණු පළාත් සභා මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.
“දින සියය පිච්චියටම බැහැලා වගෙයි. මේ සංවර්ධන වැඩ කිසිවක් නතර කරන්න එපා. මහින්දෝදය විද්‍යාගාරවලින් මහින්ද නම කපන්න එපා. මොන දේ කළත් මිනිස්සුන්ගෙන් පළිගන්න එපා. මේ රටට අමතක නොවන වැඩ රැසක් කළ එවැනි නායකයන්ගේ නම් ඉතිහාසයෙන් අකා මකා දැමීම කාටවත් කරන්න බැහැ. දැන් බොරුවට හොරු අල්ලනවා කියා කුහකකමට කියනවා.
විමල් වීරවංශ හිටපු ඇමතිවරයාගේ බිරියගේ පාස්පෝට් එකක් පස්සේ ටික කලක් දිව්වා. මේවායේ ඇත්තක් තියෙනවාද? ගැහැනියක් හැටියට මම මේවා හෙළාදකිනවා. වසර දාහතක එ.ජා.ප. පාලනයෙන් පසු පිටරට ඇපල් වතු, නයිල් නදිය අසල මන්දිර ගැන ඒ දවස්වල කතාබහට ලක්වුණා. කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු නැත්තේම නැති බව ඒ කතාවලින් ඔප්පුවෙනවා. අපේ ආණ්ඩුව පික්පොකට් ගහලා අරගෙන, දැන් ආණ්ඩුවේ අමුතු බලතලත් ගන්න හදනවා.
මහින්ද රාජපක්ෂ මහතා පැත්තකට දාලා අපට ශ්‍රී.ල.නි.ප.යෙන් ඡන්දය ඉල්ලන්න පුළුවන්ද? ඒක කවදාවත් කරන්න බැහැ. මහින්ද මහත්තයා කොයි වෙලාවෙද එන්නේ කියා, බිම් මට්ටමේ ජනතාව බලාගෙන ඉන්නවා. අපේ පක්ෂයේ සභාපති නිසා මම මෛත්‍රීපාල සිරිසේන මහතාට ගරු කරනවා. ඒත් අපට කවදා හෝ ජයග්‍රහණය කළ හැක්කේ මෛත්‍රීපාල, මහින්ද, චන්ද්‍රිකා තිදෙනා එකතු වුණොත් විතරයි. ඉදිරියේදී පක්ෂය කැඩුණොත් අපට දිනන්න බැහැ. මේක කුමන්ත්‍රණයක්. මේ කුමන්ත්‍රණයට එරෙහිව අපි හැමදෙනාම එකතු වියයුතුයි. ශ්‍රී.ල.නි.පය බේරාගැනීමේ සටනේ මූලිකත්වය ගන්න මම සූදානම්* යනුවෙන්ද ඇය පැවසුවාය.
කුමාරසිංහ මහත්මියගේ ලක්ෂ 15 ක ප්‍රතිපාදනවලින් අලුත්වැඩියා කරන ලද බෙන්තොට, රන්තොටුවිල මහා විද්‍යාලයේ විද්‍යාගාරය විවෘත කිරීම හා 2015 වර්ෂයේ ශිෂ්‍ය නායක නායිකා නිල ලාංඡන පැලඳවීම නිමිත්තෙන් ඊයේ (07දා) පැවැති උත්සවයකදී ඇය මේ බව පැවැසුවාය.
බෙන්තොට චතුරිකා ජයරත්න