ආණ්ඩුවෙන් කවුරු හෝ විපකෂයට ගත්තොත් තමන් විපක්ෂයෙන් අයෙක් ගන්නා බව ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ජනපතිගේ මංගල රැළිය අමතමින් හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කළේය.
"අපි ඔවුන්ට කිවුවා අපෙන් කෙනෙක් ගත්තොත් අපිත් කෙනෙක් ගන්නවා කියලා. අපේ අය ගන්නවා කියලා මිනිස්සු කුලප්පු කරන්න එපා. අපේ අය යන්නේ නෑ. චන්ද්‍රසේන ඇමතිතුමා සෙනග ගේන්නත් දන්නවා. නවත්වන්නත් දන්නවා. " යැයි හෙතෙම පැවැසීය.