අනුරාධපුර නගරයේ පවත්වාගෙන ගිය ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන රැසක් එකම අවස්ථාවේදී වටලා සිදුකළ විශේෂ සෝදිසියකදී මධ්‍යස්ථාන හයක ගණිකා වෘත්තියේ නිරත වූ බවට චෝදනා ලැබූ කාන්තාවන් 23 දෙනෙකු ඊයේ (11දා) සවස අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි..
අනුරාධපුර පූජා නගරයට ආසන්නව පවත්වාගෙන යන ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන තුළින් සමාජ විරෝධි ක්‍රියා රැසක් සිදුවන බවට අනුරාධපුර මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සංජිව මහනාම මහතාට ලැබුණු තොරතුරු අනුව මූලස්ථාන පොලීසියේ අපාරාධ විමර්ශන අංශය, දූෂණ මර්දන අංශය හා ගෙවීම් අංශයේ නිලධාරීහු එක්ව මෙයෙහුම දියත්කර සැකකාරියන් අත්අඩංගුවට ගත්හ.
අනුරාධපුර මිහින්තලය මාර්ගයේ යාපනය හංදිය, මාතලේ හංදිය, අනුරාධපුර හරිස්චන්ද්‍ර මාවත, ජයන්ති මාවත, කඩ පනහා, දහයියාගම හංදිය ගුවන් තොටුපල පාර, නව නුවර පාර ඇතුළු ප්‍රදේශ කිහිපයක තිබූ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන රැසක් වටලා සැකකාරියන් 23 දෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් තරුණියන් වයස අවුරුදු 22-45 අතර වයසේ පසුවන්නියන් බව පොලීසිය අනාවරණය කරගෙන තිබුණි.