මෙවර පොසොන් උත්සවය හේතුවෙන් අද (16දා) සිට 22 දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ මස්කඩ හා මත්පැන් අලෙවිසැල් වසාදැමීමට රජය තීරණය කර තිබේ.
එම කාලය තුළ තාවකාලික වෙළෙඳසැල්වල සිගරැට් අලෙවියද තහනම් කර තිබේ.මිහින්තලය, අනුරාධපුර අටමස්ථාන හා තන්තිරිමලය කේන්ද්‍රකරගෙන 2323 වන පොසොන් උත්සවය සමරන අවස්ථාවලදී එම ප්‍රදේශයේ වන්දනා කරන පිරිස් දරලිපි වෙනුවට ගෑස් ලිප් භාවිත කරන්නැයි රජය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
එසේම අද (16දා) සිට 22 දක්වා තිසාවැව හා නුවරවැවෙන් දිය නෑම සහ රෙදි සේදීමද තහනම් කර තිබේ.බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා වැව් ආශ්‍රිතව නාවික හමුදාවේ හා පොලීසියේ 600ක ජීවිතාරක්ෂක කණ්ඩායමක්ද, ආගමික ස්ථානවල සහ නගරයේ ආරක්ෂාව වෙනුවෙන් 4000ක පොලිස් නිලධාරීන් පිරිසක්ද යොදවා තිබේ.