අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින දෙමළ සිරකරුවන් දෙදෙනෙකු ඊයේ( 22 දා) දහවල් සිට ආහාර වර්ජනයක නිරතව සිටින බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය කියා සිටියේය.
තුෂාර උපුල්දෙණිය මහතාගෙන් විමසීමෙන් කියා සිටියේ අහාර වර්ජනයේ යෙදී සිටින්නේ තමන්ගේ නඩු විභාග කඩිනම් කරගැනීමට මෙම උපවාසය ආරම්භ කළ බව තමන්ට දැනුම් දුන් වගයි.
එමෙන්ම උපවාස කරුවන්ගේ ඉල්ලීම් ගැන මේ වනවිට රජයේ සියලු දෙනාම දැනුවත් කොට ඇතැයිද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.