ශ්‍රී ලංකාවට පැමිණි විදේශ සංචාරකයක් දෙදෙනෙකු ගමන්ගත් මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපී සිදු වූ අනතුරකින් එම විදේශිකයන් දෙදෙනා සහ මෝටර් රථය පැදවූ ශ්‍රී ලාංකික රියදුරා බරපතළ තුවාල ලබා ඇති බව අනුරාධපුර පොලීසිය පවසයි.
අනුරාධපුර සිට දිවෙන නව නුවර ප්‍රධාන මාර්ගයේ නෙළුම්කුලම ප්‍රදේශයේදී අද (18දා) අලුයම තුනට පමණ සිදු වූ මෙම අනතුරෙන් බරපතළ තුවාල ලැබූ මෙම විදේශිකයන් දෙදෙනා බෙල්ජියම් ජාතික තරුණයන් දෙදෙනෙකු බවට හඳුනාගෙන තිබේ.
බොයන් ජෙලී (23) සහ ටොම් ඇලෙක්ස් (25) යන මෙම තරුණයන් දෙදෙනා සහ මෝටර් රථය පැදවූ සුභාෂ් නිලංග (24) නැමැති ශ්‍රී ලාංකික රියදුරා ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇත.විදෙස් තරුණයන් දෙදෙනාගෙන් එක් අයෙකු ශල්‍යකර්මයකට භාජනය කළ බවත්,ඔහුගේ තත්ත්වය බරපතළ බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.