යුද හමුදාවේ සෙබළුන් විසින් ධාවනය කළ බවුසරකට යටවී සිසුවියක් හා කාන්තාවක් ජිවිතක්ෂයට පත්වීමේ සිදුවීම පිළිබඳව යුද හමුදා පොලීසිය විසින් විශේෂ පරීක්ෂණක් ආරම්භ කර තිබේ.
යුද හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක මහතාගේ නියෝගය පරිදි මෙම පරීක්ෂණය ආරම්භ කර තිබේ.
සිදුවීමේ තවත් සිසුවියන් අට දෙනෙකු තුවාල ලැබූ අතර එයින් බරපතල තත්ත්වයේ පසුවූ එක් සිසුවියක් කොළඹ ජාතික රෝහලට මාරු කර තිබේ.
මෙම සිදුවීම පසුගිය 16දා සිදුවූ අතර සිද්ධියට සම්බන්ධ හමුදා සෙබලුන් දෙදෙනාඅත්අඩංගුවට පත්ව තිබේ.
ඔවුන් අදාළ අවස්ථාවේදී මත්පැන් පානය කර සිටි බවත් තහවුරු වී තිබේ.