-
ජනාධිපති කියූ බව ඇමති රාජිත හෙළිකරයි
-
රාජිත බොදුබල සේනාවෙන් රු. බිලියනයක් වන්දි ඉල්ලයි
'බොදුබල සේනාව කරන්නේ විශාල කුමන්ත්‍රණයක්, අපිව විනාශ කරන්න' කියා ජනාධිපතිවරයා තමාට පැවසූ බවත්, තමා ජනාධිපතිවරයාගේ කීමට අනුව බොදුබල සේනාවට එරෙහිව නඩු දැමීමට කටයුතු කරන බවත් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.
ලෝක හොරෙකුගෙන් උපදෙස් ලබාගෙන බොදුබල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඉල්ලා අද (08දා) දින එන්තරවාසි යවන බවද අමාත්‍යවරයා පැවසීය.
ඊයේ (07දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ආණ්ඩුවේ සහාය තිබෙන බව රටට පෙන්වමින් බොදුබල සේනා සංවිධානය සිදුකරන්නේ තමාට පහරදීම නොව වර්තමාන ආණ්ඩුවට පහරදීම බවද හෙතෙම පවසා සිටියේය. බොදුබල සේනා සංවිධානය විසින් තමාට සිදුකළ අපහාසය පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.