එකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 51කු බරපතල අසාධාරණයකට ලක්වී ඇතිබවත් මන්ත්‍රීවරුන් ලෙස තම කණ්ඩායම බරපතල ලෙස නොසලකාහැර ඇතිබවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අයවැය කථාව ඉදිරිපත් කරමින් අද(28) පාර්ලිමේන්තුවෙීදී ප්‍රකාශකළේය. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සාමාජිකයන් ලෙස මන්ත්‍රීවරුන් 24 කු නියෝජනය කළඳ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 50 අතුරින් එය නියෝජනය කරන්නේ මන්ත්‍රීවරුන් 02ක් පමණක් බවත් රාජ්‍ය ගිණුම් කාරක සභාව නියෝජනය කරන්නේ මන්ත්‍රීවරුන් 02 පමණක් බවද මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේය.
නමුත් විපක්ෂය නියෝජනය කරන දෙමළ ජාතික සංධානය සහ ජනතා විමුක්ති පෙරමුණ සඳහා මෙම කාරකසභාතුළ මීටවඩා වැඩි නියෝජනයත් ලැබී ඇති අතර එය අසාධාරණ බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශකළේය. මේපිළිබඳ කථානායකවරයාගේ අවධානය යොමුකරවන බව ඒඅවස්ථාවේ මුලාසනය හෙබවු මන්ත්‍රීවරයා ප්‍රකාශකළේය.