පාර්ලිමේන්තුවට තේරී පත් වූ වෙනත් පක්ෂයන්ගේ මන්තී‍්‍රවරුන් කිහිප දෙනෙකුගේ සහාය ලබාගෙන ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව එක්සත් ජනතා නිදහස් සන්ධානයටද පවතින බව ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂිම් මහතා ඊයේ (25 දා) ජාතික ආණ්ඩුවක් බිහි කිරීම සදහා විපක්ෂය නම්‍යශිලි නොවුණහොත් තනිව ආණ්ඩුවක් පිහිටුවීමේ බලය තමන් සතු බව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහ ලේකම් දුමින්ද දිසානායක මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය.
"පක්ෂයක් විදිහට එක්සත් ජාතික පක්ෂයටත් පුළුවන්කම තිබෙනවා වෙනත් පක්ෂයකින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අරගෙන ආණ්ඩුවක් හදන්න.ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයටත් පුළුවන්කම තිබෙනවා වෙනත් පක්ෂයකින් පාර්ලිමේන්තු වරම් ලැබූ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් අරන් ආණ්ඩුවක් හදන්න.නමුත් අපි මේ උත්සහ කරන්නේ අලුත් දේශපාලන සංස්කෘතියක් මේ රටට හදුන්වලා දෙන්න. ආණ්ඩුවක් හදන්න අවශ්‍ය ඔලු ගෙඩි ප්‍රමාණය කොහෙන් හරි අහුලගෙන ආණ්ඩුවක් හදන්නේ නැතිව ප්‍රතිපත්තිමය වශයෙන් මෙරට ප්‍රධාන පක්ෂ 02 වගේම අනෙකුත් පක්ෂ එකතු වෙලා රට ඉදිරියට ගෙන යන සදාචාරත්මක දේශපාලනයක් සදහා තමයි අපි කටයුුතු කරන්නේ"