පසුගියදා රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය විසින් රැකියාව අයිතියක් සියලු උපාධිධාරීන්ට වහා රැකියා ලබාදෙන ලෙස ඉල්ලමින් සංවිධානය කළ පාගමනට පොලීසිය විසින් එල්ල කළ ජල ප්රහාරයට හා කදුළු ගෑස් ප්රහාරයට සහ උද්ඝෝෂණය අවසානයේ ඊට සහභාගී වූ දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට එරෙහිව එම සංගමය විසින් අද දින (19) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී. මෙහිදී එල්ල කළ ජල ප්රහාරය ඇමෝනියා මිශ්ර කුණු ජලය බවටද ඔවුහු චෝදනා කරති. මෙම අවස්ථාවට නීතිඥ චතුර වෙත්තසිංහ මහතා ද සම්බන්ධ විය.