"හිටපු ජනාධිපති වරයා කියනවා එයාගේ ආරක්ෂාවට තර්ජනයක් තියෙනවා කියලා. 250ක ආරක්ෂක පිරිසක් තියාගෙන එයා එහෙම කියනවා. නමුත් 2010 දී එයා තමයි මගේ ආරක්ෂකයෝ සියල්ල ඉවත් කළේ.මට ඉතිරි වුණේ මගේ බිරිඳයි දරුවෝ දෙන්නයි ගෙදර බල්ලයි විතරයි. අපිට කරපු දේ දැන් එයාට මතක් වෙනවා ඇති.
මට අවශ්‍ය රට හරි මගට තල්ලු කරලා පැත්තකට වෙලා හාන්සි වෙලා බලාගෙන ඉන්න විතරයි. නැත්නම් දේශපාලනයෙන් තල්ලුවෙච්චි පරණ හොල්මන් වගේ නැවත හොල්මන් කරන්න මට අවශ්‍ය නැහැ. " යැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවසීය.
ප්රජාතන්ත්රවාදී පක්ෂයට වසර 05ක් පිරීම නිමිත්තෙන් හපුතලේ සංස්කෘතිත ශාලාවේ පැවති රැස්වීමක් අමතමින් ඒ මහතා එසේ පැවසීය.
" ජනතාවට වෙනසක් අවශ්‍ය බව අප තේරුම් ගත් නිසා ඒ වෙනස අපි කළා. එහිදී අපේ ප්රජාතන්ත්රවාදී පක්ෂයට දකුණෙන් ඡන්ද 75,000 ක් ලැබුණා. බස්නාහිරින් ලක්ෂ 02ක් ලැබුණා. අපිට හම්බන්තොට රැස්වීම් කරන්න දුන්නේ නෑ.T56 බෝම්බ තමයි අපිට ලැබුණේ. නමුත් අපි කොළඹින් 200ක් අරන් ගිහින් එක රැස්වීමක් කළා.
දැන් අගමැති තුමන් කියන්නේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕන කියලා. නමුත් අපි තමයි ඒ දේ කලින්ම කිවුවේ. යහපාලනය ගැන ඉල්සෙල්ලම කිව්වේ අපි.
රටේ නීතිය අනුව පොලීසිය දැන් ක්‍රියාත්මක වෙනවා. වැරදි කරපු අය නීතියට අණදෙන්න ඕනි. ඒක කරනකොට ඒ අයට රිදෙනවා. නමුත් අපිට ඒ දේවල් කරනකොට අපි බය වුණේ නැහැ. කොන්ද කෙලින් තියාගෙන හිටියා." යැයි හෙතෙම සඳහන් කළේය.
හපුතලේ නයනානන්ද