“අපි හදාගත් ආණ්ඩුවෙන් අද අපිම පරිප්පු කනවා. අපි වරද්ද ගත්තෙ දින 100 ඉස්සරහට දාගෙන. නමුත් දින 100 යටතේ විශාල වැඩකොටසක් පළාතටත්, ජනතාවටත් අපිට කරන්න හැකිවුණා" යැයි ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (04දා) හාලිඇල නගරයේ 307 වැනි ලංකා සතොස ශාඛාව විවෘත කිරීමේ උත්සවයට එක්වෙමිනි.
":දැන් සමහර පක්ෂ ඉන්නෙ උද්ඝෝෂණවලට විතරයි. උද්ඝෝෂණ විතරයි කරන්න දන්නෙ. කොත්තමල්ලි අඩුවීම ගැන කියනවා. ඒ අය දැනගන්න ඕන කොත්තමල්ලිත් ගේන්නෙ පිටරටින් බව. මේ සඳහා විශාල මුදලක් වැයවෙනවා.
මහ ඇමතිකම කොතරම් කාලයකටද කියා මම දන්නෙ නැහැ. ඉන්න කෙටි කාලය තුළ පුළුවන් වැඩක් කරනවා. ඒක මගේ සතුට. යහපාලනය අපි විශ්වාස කරනවා. අපි සංස්කෘතිය, ආගම දහම, අධ්‍යාපනය ආරක්ෂා කරමින් සෞඛ්‍ය ආරක්ෂා කරගත්තොත් හොඳ ගමනක් අපට යන්න පුළුවන්." යැයි හෙතෙම පැවැසීය.
ඇල්ල ප්‍රසාද් රුක්මල්