මැතිවරණයෙන් පරාජය වූ අපේක්ෂකයන් පාර්ලිමේන්තුවට ගෙන ඔවුන්ට අමාත්‍ය ධුර ලබාදීමට ආණ්ඩුව කටයුතු කළහොත් එය දැඩි ලෙස හෙළාදකින බව සාධාරණ සමාජයක් උදෙසා වූ ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවසූහ.
උන්වහන්සේ මේ බව පැවසුවේ අද (24දා) කෝට්ටේ නාගවිහාරයේ පැවති මාධ්‍ය හමුවකදීය.
තම සංවිධානය වත්මන් ආණ්ඩුව නිර්මාණය කිරීමට කොටස්කරුවන් වූ බැවින් ආණ්ඩුව වැරදි මග යනවා නම් එය නිවැරදි කිරීමටද කටයුතු කරන බව එහිමියෝ වැඩිදුරටත් පැවසූහ.