එක්සත් ජාතික පක්ෂය දිනවන්නට වැඩ කළ අයෙකුට තනතුරක් දෙන්නැයි ලිපියක්දීම යහපාලනය අන්තයටම යාමක් යැයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද මහනුවර ගඟවට කෝරළයේ ප්‍රා‘දේශීය සභා සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමිනි.
“එක්සත් ජාතික පක්ෂයඅවුරුදු 20ක් විපක්ෂයේ සිටියා. පක්ෂය දිනවන්න මහ මැතිවරණයේදී වැඩකරපු කෙනෙකුට සුදුසුකම් බලලා තනතුරක් දෙන්න කියලා ලිපියක් දෙන එක යහපාලනය කඩාකප්පල් කිරීමක් නොවෙයි. එය යහපාලනයේ අන්තයටම යාමක්.
මම ඒ මාධ්‍යවේදියාට කිව්වේ පනත කියවලා බලලා මගෙන් ප්‍රශ්න කරන්න කියලයි. වෙන දෙයක් කිව්වේ නෑ. කිසිම මාධ්‍යවේදියෙක් එක්ක මම තරහ නෑ. තරහ කොට්ඨාසයකුත් ඉන්නවා. විමල් වීරවංශ ඔය ගැන කියුවට අපි සුදු වෑන්වලින් මාධ්‍යවේදීන් ඉස්සුවේ නෑ. පිච්චුවේ වෑ. යහපාලනෙන් ඒවා කළේනෑ" යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.