යහපාලන ආණ්ඩුව යටතේ කළ විශාල සංවර්ධන ව්‍යාපෘති ජනතාව නොදකින බවත් තවත් කෙටි කාලයකින් ජනතාවට ඒ පිළිබඳව අවබෝධයක් ලැබෙනු ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය
මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ශ්‍රවණාගාරය සහිත දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද (04දා) සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසීය.
“අවාසනාවකට අපේ ආණ්ඩුව යටතේ සිදුකෙරෙන විශාල සංවර්ධන ව්‍යාපෘති ජනතාව දකින්නේ නැහැ. නමුත් තවත් කෙටි කලක් ගතවන විට ජනතාවට ඒවා පිළිබඳව අවබෝධයක් ලැබේවි.
අපේ ආණ්ඩුව මොනවාද කළේ යැයි ඇතැමුන් අද ප්‍රශ්න කරනවා. නමුත් වැඩ කටයුතු ආරම්භ කර ඒවායේ ප්‍රතිඵල එන විට අපි ඔවුන්ට පිළිතුරු දෙනවා.”