අපි කරන ව්‍යාපෘතිවල වටිනාකම අපි ගන්න ඕන
රජය පත් වූ ගත වූ කාලය තුළදී රුපියල් මිලියනය බැගින් වැයකර ව්‍යාපෘති 55,0000ක් සිදු කළද මහජනතාව ඒ පිළිබඳව දැනුවත්ව නැතැයි ව්‍යාපෘති කළමනාකරණ, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.
අද (26දා) පැවති සාකච්ඡාවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත්අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“අපි එක ව්‍යාපෘතියකට ලක්ෂ දහය බැගින් වියදම් කරලා ව්‍යාපෘති 55,000කට වැඩි ව්‍යෘපෘති ප්‍රමාණයක් සිදු කළා. ඒත් මහජනතාව ඒ ගැන දන්නේ නෑ. ඒක හරිම ඛේදවාචකයක්. අනිත් කාරණය තමයි අපි මේ ව්‍යාපෘති ගැන කියලා බෝඩ් එකක්වත් ගැහුවේ නෑ.
ඒ නිසා අපේ ව්‍යාපෘති ගැන ගම් මට්ටමට ගෙනියන්න පුළුල් ප්රචාරක ව්‍යාපෘතියක අවශ්‍යතාව මේ වන විට දැඩි ලෙස මතුවී තියෙනවා. ඒකට හේතුව තමයි මේ වෙනකොට රජයේ ප්‍රතිපත්තිය ගමට ගෙනියන්න නිසි ක්‍රමවේදයක් නොමැති වීම. මේවා කරන්න දැන් ප්‍රමාද වැඩියි. නමුත් අපි දැන් හෝ මේ ගැන හිතලා වැඩ පටන් ගන්න ඕන.
මොකද අපි කරන ව්‍යාපෘතිවල වටිනාකම අපි ගන්න ඕන. ඒ වගේම ඒ ව්‍යාපෘතිවලට අවශ්‍ය වටිනාකම දෙන්නත් අපි කටයුතු කරන්න ඕන. මේක දැන් තරගයක් වෙලා තියෙන්නේ. අපි ඒ තරගයට ශක්තිමත්ව මුහුණ දිය යුතුයි” යැයි ද පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


