මෙවර මහ මැතිවරණයේදී සන්ධානය ඉදිරියෙන් ඉන්නා බවත් ආසන 117ක් ජයග්රහණය කළ හැකි බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන කුරුණෑගල දිස්ත්රික් අපෙක්ෂක, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ විදුහලේදී සිය ඡන්දය භාවිත කිරීමෙන් අනතුරුව ඔහු මෙම අදහස් දැක්වීය.
‘’අපි බොහොම ඉදිරියෙන් ඉන්නවා. ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සාමකාමිව ඉන්නා ලෙසයි. මම රට වටේටම දුරකතනයෙන් කතා කර බැලුවා. ඒ හැම පැත්තෙන්ම එන්නේ හොඳ ප්රතිචාර.
ඒ වගේම කුරුණෑගල දිස්ත්රික්කයේද එවැනි අකාරයෙන් හොඳ ප්රතිචාරයන් තියෙනවා. අපි ආසන 117 ක් ජයගන්නවා. රටේ සාමය ආරක්ෂා කරන්න පියවර ගන්න කියලා තමයි අපි කියන්නේ. නොයෙක් කට කතා යනවා අපි ඒ කට කතා විශ්වාස කරන්නේ නැහැ. අපි බලාපොරොතුවෙනවා සාධාරණ මැතිවරණයක් හොඳ ප්රතිඵලයක් .මොකද ඒ ජයග්රහණය අපිට තියෙනවා. හොඳට පැහැදිලියි ජනතාව අපි සමග ඉන්න බව .’’